මැතිවරණ ආරවුල් නිරාකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 26ක් පිහිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ, දිවයිනේ සමස්ත දිස්ත්‍රික්ක ආවරණ වන පරිදියි. ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේයි.
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය හැර සෙසු සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වා දී තිබෙනවා.
ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
මේ අතර, ජූලි 31 වනදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ පැමිණිලි 717ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.
ඉන් 693ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්.
එක් ප්රචණ්ඩ ක්‍රියාවක්ද වාර්තා වී තිබෙනවා.