මැතිවරණ වියදම් සීමා යටතේ එක් අපේක්ෂකයෙකුට දිනකට රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වැය කිරීමට අවස්ථාව උදා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ දෛනික විශාල මුදලක් වැය කිරීමට මේ වන විටත් අවසර ලැබී ඇති බැවින් පවතින වියදම් සීමා නීති ආරක්ෂා කිරීම සියලු පාර්ශවවල වගකීම බවයි.
මේ අතර, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අද සිටතවත් ඇත්තේ දින 31ක් පමණයි. ජනාධිපතිවරණයේ ජය සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
ඒ අනුව නෙත් නිවුස් අපද ජනතා මතය උරගා බැලීමට තීරණය කළා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් “රටේ මීළඟ ජනාධිපති ධූරයට සුදුසුම කවුද?” යන මැයෙන් මහජන මත විමසුමක් ආරම්භ කර තිබෙනවා.
නෙත් නිවුස් ශ්‍රාවක ඔබටද ඔබගේ මනාපය ඒ සඳහා පළ කළ හැකියි.
නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස ඔබටද දැන් ඔබගේ මතය පළ කළ හැකි වනවා.
මෙහිදී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබගේ ඡන්දය භාවිත කළ හැකි වන්නේ එක් වතාවක් පමණයි.