තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
ධීවරයින්ට ද ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමටයි කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ.
මෙම සහනාධාර අද සිට ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත පැවසුවේ.
මේ අතර, නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
එම අවස්ථාව ලැබෙන්නේ ඔක්තෝබර් පළමුවනදා සිට මාස 06ක කාලයක් සඳහා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙම පහසුකම හිමි රටවල් අතරට බි්‍රතාන්‍ය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, ඉතාලිය, දකුණු කොරියාව සහ නවසීලන්තයද අයත්.