මේ අතර, නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
එම අවස්ථාව ලැබෙන්නේ ඔක්තෝබර් පළමුවනදා සිට මාස 06ක කාලයක් සඳහා බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ.
මෙම පහසුකම හිමි රටවල් අතරට බි්රතාන්ය, ජර්මනිය, ඕස්ටේ්රලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව, ඉතාලිය, දකුණු කොරියාව සහ නවසීලන්තයද අයත්.