Sunday, November 17, 2024

General line - 0115112241

ඡන්ද දායකයින් සියයට 30ක් තවමත් වැට උඩ - සර්වජන බලය




මෙරට ඡන්ද දායකයින්ගෙන් සියයට 30ත් 40ත් අතර පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් නිශ්චිත තීන්දුවකට එළඹ නොමැති බව ජාත්‍යන්තර සමීක්ෂණවලින් පවා හෙළි වී ඇතැයි සර්වජන බලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කළේ එම පිරිස මෙවර මැතිවරණයේ තීරණාත්මක බලවේගය බවයි.

රටේ ආර්ථික අර්බුදය එක්තරා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් හිතාමතා ඇතිකළ එකක් බවටයි ඔහු චෝදනා කරන්නේ.

සර්වජන බලය නියෝජනය කරන එහි මාධ්‍ය ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.