පාකිස්තාන වන්දනාකරුවන් 28කට මරු කැඳවමින් ඉරානයේදී සිදු වූ අනතුරට හේතුව අනාවරණ කරගෙන තිබෙනවා.
මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම වන්දනාකරුවන් පිරිස රැගත් බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් අනතුරට හේතුව බවයි.
අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මිය ගිය පිරිසට කාන්තාවන් 11 දෙනෙකු ඇතුළත්.
අනතුර සිදුව තිබුණේ පාකිස්තානයේ සින්ඩ් පළාතේ සිට ඉරානය හරහා ඉරාකයේ කර්බාලා වෙත ගමන් කරමින් සිටියදීයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනාකරුවන් 51 දෙනෙකු ගමන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉරානයේ රථවාහන ආරක්ෂාව පිළිබඳ වාර්තා අතිශය දුර්වල අතර ලොව නරකම මාර්ග ආරක්ෂක පද්ධතියක් ඇති රටක් ලෙසටද ඉරානය සැලකෙනවා.