Sunday, November 17, 2024

General line - 0115112241

දේශපාලන වේදිකාව උණුසුම් කළ අදහස්




දේශපාලඥයින් වංචාවෙන් උපයාගත් මුදල් යළි ලබාගෙන ඒවා ජනතා සුබසිද්ධියට යොදවන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, කටුනායක පැවති ජන රැළියක් ඊයේ පස්වරුවේ අමතමින්. 

මේ අතර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කළේ රට තුළ සාධාරණ වෙසනක් සිදු වනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඒ, ගම්පොළ පැවති ජන රැළියක් අමතමින්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවේ කළ හැකි දෙය පමණක් ප්‍රකාශ කරමින් ඍජු දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුරයේ පැවති ජන රැළිය අමතමින්.