මරදාන සෞඛ්‍ය අමාත්‍යංශය අසළ මාර්ගවල අද පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවටයි මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.
එම ඉල්ලීම අනුව අද පෙරවරු 10 සිට රාත්‍රී 09 දක්වා අදාළ මාර්ගවල උද්ඝෝෂණය හා සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම වළක්වමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පොලීසිය පැවසුවා.