මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් ජනතා ප්රවේශය සඳහා මුදා හැර තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. එම කොමිසම පැවසුවේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්රසිද්ධ කර ඇති බවයි.
ජනාධිපති ධූර අපේක්ෂකයින් සිය නාම යෝජනා පත්ර සමග ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්රකාශද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබුණා.
පසුව අදාළ ප්රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ප්රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර සෙසු සියලු තොරතුරු සහිතව ජනාධිපති ධුර අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් නිල වෙබ් අඩවියට මුදා හැරි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.