Sunday, November 17, 2024

General line - 0115112241

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උදය කුමාර




ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම  නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.