මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිර යමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු මාපියන්ට දැනුම් දෙන්නේ නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසයි.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 35,118 දෙනෙකු ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ අධික රුධිර පීඩනය හා දියවැඩියාව යන බෝ නොවන රෝග හේතුවෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල වී ඇති බවයි.