නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් රටට නව දරු පරපුරක් බිහි කිරීමට තමන් නායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ, ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැළියකට එක් වෙමින්.
සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ නව දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ වදින්නේ සියලු පක්ෂවලට එක් විය හැකි පොදු ලකුණකින් බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ ප්‍රතිවාදී දේශපාලන වේදිකා දෙස බැලීමේදී ජයග්‍රහණ ඇත්තේ ජාතික ජන බලවේගය සතුව බවට මනාව පැහැදිලි වන බවයි.