තණමල්විල පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පාසල් සිසුන් දාහත් දෙනා සහ කාන්තාව ලබන මස පස් වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන එන අවස්ථාවේදී කාන්තා සංවිධාන රැසක් එක්ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් ද නිරත වුණා.
ඒ, අදාළ දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්.