ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
සොලින්ගන් නගරය ආරම්භ කර වසර 650ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුමකදී මෙම පිහි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම සැමරුම් භූමියේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එරට ආරක්ෂක අංශ පැවසුවේ.