Sunday, December 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ විදේශ සංචිතය යළි ඉහළ යයි




සිකුරාදා ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අගෝස්තු 16 න් අවසන් වන සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4.546 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේවනවිට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 674.664 ක්.

මීට පෙර වාර්තාගත ඉහළම අගය වූයේ ඩොලර් බිලියන 674.919 කි.

කාලයක් තිස්සේ ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය උච්චාවචනය වෙමින් පවතී. 

2024 දී පමණක්, එම සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 45-50 කින් ඉහළ ගොස් ඇත.

RBI හි නවතම දත්ත වලට අනුව, විදේශ විනිමය සංචිතවල විශාලතම සංරචකය වන ඉන්දියාවේ විදේශ මුදල් වත්කම් (FCA) USD බිලියන 3.609 කින් ඩොලර් බිලියන 591.569 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අගෝස්තු 16 න් අවසන් වන සතිය තුළ ඉන්දියාවේ රන් සංචිතය ඩොලර් මිලියන 865 කින් වැඩි වූ අතර, මුළු එකතුව ඩොලර් බිලියන 60.104 ක් ලෙසයි වාර්තා වන්නේ.