චීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඊසාන දිග චීනයේ ලියානින් ප්‍රාන්තයට ගතවූ දින කිහිපය තුළ මහ වැසි පතිතවී තිබෙනවා.
ගංවතුර අවදානම හේතුවෙන් එම ප්‍රාන්තයේ පුද්ගලයින් 50,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.