සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත පළමු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
ඒ, ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.
එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තා.
ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් ලබාගත් අතර පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කළ මිලාන් රත්නායක ලකුණු 72ක් ලබා ගත්තා.
එංගලන්ත කණ්ඩායමේ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ජේමි ස්මිත් ලකුණු 111ක් රැස් කළා.
ඉන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම ආරම්භ කළ අතර, සියලුදෙනා දැවී ශ්රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 326ක් පමණයි.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්රික්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් ලකුණු 113ක් රැස්කල අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක් සහ ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 65ක් රැස් කළා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට දෙවන ඉණිම ජයග්රහණය කිරීම සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි වුණා.
එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය කඩුලු 05ක් පමණක් දැවී සපුරා ගනිමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ජය හිමිකර ගත්තා.