අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගිනි තවමත් පැතිර යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ප්‍රධාන වශයෙන් ගිනි ගැනීම් ඇති වූ ප්‍රදේශ 06න් පැලිසේඩ්ස්, ඊටන් සහ හර්ස්ට් යන ප්‍රදේශවල තවමත් ලැව් ගිනි පැතිර යන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
අද දිනයේදී ලොස්ඇන්ජලිස් ප්‍රාන්තයේ වයඹ දිග කොටසේ පැයට සැතපුම් 70ක් දක්වා තද සුළං ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තද සුළං සමග ලැව් ගිනි වේගයෙන් පැතිර යා හැකි බවටයි අමෙරිකානු බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
විශාලතම ලැව් ගිනි ඇති වූ පැලිසේඩ් ප්‍රදේශයේ අක්කර 23,000ක පමණ ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
එම ප්‍රදේශයේ ගින්න පාලනය කර ඇත්තේ සියයට 14ක පමණ කොටසක පමණයි.
ඊටන් ප්‍රදේශයේ අක්කර 14,000ක පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇති අතර ඉන් සියයට 33ක පමණ ප්‍රදේශයක ගින්න පාලනය වී තිබෙනවා.
මේ අතර මෙතෙක් ඇති වූ ලැව් ගිනි හේතුවෙන් අවම වශයෙන් ගොඩනැගිලි 12,300ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.