Sunday, December 29, 2024

General line - 0115112241

ජර්මනියේ ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට - පිහිඇනුමේ වගකීම ISIS භාරගනි




ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු 26 හැවිරිදි සිරියානු ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය පැවසූවේ.

ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු විසින් අපරාධය පිළිගෙන ඇති නමුත් මේ වන තෙක් පිහි ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු කිසිදු තොරතුරක් ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ප්‍රහාරයේ වගකීම අයි එස් අයි එස් සංවිධානය විසින් භාරගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය මුස්ලිම්වරුන්ගෙන් සිදු කරන පළිගැනීමක් ලෙසයි.

කෙසේවෙතත් ප්‍රහාරකයා සහ අයි එස් අයි එස් සංවිධානය අතර සම්බන්ධතාවයක් පවතීද යන්න මෙතෙක් තහවුරුවී නැහැ.

ජර්මනියේ සොලින්ගන් නගරයේ තියුණු ආයුධයකින් ඇන පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.