Sunday, November 17, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ පැය 48ක හදිසි තත්ත්වයක්




ඊශ්‍රායලයේ පැය 48ක හදිස් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ලෙබනනයෙන් එල්ලවන මිසයිල ප්‍රහාර හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් අවස්ථා කිහිපයකදී ඊශ්‍රායලය වෙත රොකට් සහ ඩෝන ප්‍රහාර 320කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඊශ්‍රායල හමුදා විසින් එම ප්‍රහාර කිහිපයක් වලක්වා ගැනීමට සමත් වී තිබෙනවා.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්ද ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක ෆුවාජ් ෂුකර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙසයි.