හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ප්‍රහාර රැසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත් වී තිබෙනවා.
ලෙබනනයේ සිට උතුරුදිග ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර 320කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
කෙසේවෙතත් ඉන් බොහොමයක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්වී තිබෙනවා.
ඒ, ඊශ්‍රායලයේ ආරක්ෂණ පද්ධතිය විසින්.
ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය විසින් ගුවන් යානා සියයක් යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලය පැය 48ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.
හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක ෆුවාජ් ෂුකර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙසයි.