පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 13 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහලේ කුලී පදනම මත පදිංචිව සිටි මව සහ දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දැරිය මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇය පිළියන්දල ප්‍රදේශයේ පාසලක 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා
ඇයගේ මව අනියම් ඇසුරක් පැවැත් වූ පුද්ගලයා නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමකදී සැකකරු විසින් එම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.
එය වැළැක්වීමට දැරියන් දෙදෙනා උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාර හමුවේ දැරියන් දෙදෙනාට ද වැදී තිබෙනවා.
තුවාල ලැබූ මව සහ දැරියන් දෙදෙනා රෝහල් ගත කළ අවස්ථාවේ 13 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු එම නිවස තුළදීම සියදිවි හානි කර ගැනීමට ද උත්සාහ කර ඇති අතර එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.
පසුව ඔහු පොලිසිය වෙත භාරවන බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් ඔහු පොලිසියට භාර නොවී පලාගොස් තිබෙනවා.