උදාවන 2025 නව වසරේදී රටටත් ජනතාවටත් සෙත් පතා දිවුලපිටිය ශ්‍රී ජෝතිකාරාම විහරස්ථානය සංවිධානය කරන මහා ධාතු නමස්කාරය ලබන 31 වනදා සිට ජනවාරි 03වනදා දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.
මෙහිදී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූන් වහන්සේලා ඇතුලු ධාතූන් වහන්සේ සියක් නමක් සැදැහැවතුන්ගේ වන්දනාව වෙනුවෙන් ප්‍රදර්ශණය කිරීමට නියමිතයි.
ජනවාරි 01 වනදා සිට ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන බවයි දිවුලපිටිය ශ්‍රී ජෝතිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විතානමුල්ලේ වජිරවංශ හිමියන් පැවසුවේ.
සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූන් වහන්සේලා ඇතුළු මෙම ධාතූන් වහන්සේ ජෝතිකාරාම විහරස්ථානයට වැඩම කරවනු ලබන්නේ විචිත්‍රවත් පෙරහැර සඳහා අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සම්ප්රදායේ නර්තන කණ්ඩායම් 34 ක් සහභාගී වනවා.
දිවුලපිටිය අවට සියලු පාසැල් හා කලායතනවල දරුවන්ට ද මෙම පෙරහැරේදී සිය දක්ෂතා විදහා දැක්වීමට අවස්ථාවක් උදාකර දීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
ධාතූන් වහන්සේ වැඩම කරවන මෙම විචිත්‍රවත් පෙරහැර ලබන 31 වනදා සවස 03.00 ට කොළඹ - කුරුණෑගල, අංක 05 ප්‍රධාන මාර්ගයේ දිවුලපිටිය ගාලේ හන්දියේ සිට දිවුලපිටිය නගරය හරහා ශ්‍රී ජෝතිකාරාම විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතයි.