උත්සව සමයේ කොළඹ මහ නගරසභා බල ප්රදේශයේ කැලිකසළ බැහැර කිරීම ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙම දිනවල එක්රැස්වන කැලිකසළ ප්රමාණය ටොන් 470 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කෙසේවෙතත් දෛනිකව එක්රැස් වන කැලිකසළ ප්රමාණය පාලන කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.