බංග්ලාදේශයට බලපෑ ගංවතුර සහ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් මිලියන 5 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මාර්ග අවහිරවීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට හා සහන සේවා කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
බංග්ලාදේශයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ ගොස් ඇත්තේ ඉන්දියාවේ වේල්ලක වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බවටද චෝදනා එල්ල වනවා.
ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට බංග්ලාදේශ අන්තර්වාර පාලන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.