රට මේ වන විට ආර්ථික ස්ථවරභාවයට ක්‍රමයෙන් ළඟාවෙමින් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජීවන වියදමට සහන ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී තවදුරටත් සිදු කරන බවයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විවිධ වරදාන, වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ මාරු කරන දේශපාලනය තම පාලනයක් යටතේ අවසන් කරන බවයි.
පෞද්ගලික වාසිය වෙනුවෙන් ඇතැම් දේශපාලඥයින් ප්‍රතිපත්ති පවා පාවා දෙමින් ඇති බවයි ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවේ ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති දේශපාලන සිතියම දැන් වෙනස් වී ඇති බවයි.
එබැවින් තම ප්‍රතිවාදීන්ගේ බලයට මේ වන විට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවේ තමන් කිසිදු විටක ඉටු කිරීමට නොහැකි පොරොන්දු ලබා නොදෙන බවයි.
ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂවෙන් පොරොන්දු පමණක් ලබා දීමේ යුගය අවසන් කළ යුතු බවයි ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ.