Saturday, December 28, 2024

General line - 0115112241

යුක්‍රේනයේ දෙවන සාම සමුළුව ආසියාවට?




යුක්‍රේන සාම සමුළුවේ දෙවන අදියර සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසනවා.

ඔහු කියා සිටියේ සෞදි අරාබිය, කටාර්, තුර්කිය සහ ස්විට්සර්ලන්තය සමඟ සාමය පිළිබඳ දෙවන සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි.

යුක්‍රේනය ගෝලීය දකුණේ රටවල් අතර සත්කාරකයකු සොයා ගැනීමට බලාපොරොත්තු වන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එබැවින් සාමය පිළිබඳ දෙවන සමුළුව පැවැත්වීමට ඉන්දියාවට සහාය දෙන බව තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පැවසූ බවයි ස්ලෙනෙස්කි මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

“නමුත් මට අවංකව සිටීමට අවශ්‍යයි, මෙය ඉන්දියාවට පමණක් නොව, දෙවන සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ධනාත්මක වන ඕනෑම රටකට අදාළ වේ. තවමත් සාම සමුළු ප්‍රකාශයට සම්බන්ධ නොවූ රටක සාම සමුළුවක් පැවැත්වීමට අපට නොහැකි වනු ඇත, ” යනුවෙන් ද සෙලෙන්ස්කි පවසා තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවති සාකච්ඡාවේදී නිවේදනයේ සහ පෙර පැවති සාම සමුළුවේ සියලු කරුණු සාකච්ඡා කළ බව යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.