Saturday, December 28, 2024

General line - 0115112241

ප්‍රබල සුළි කුණාටුවකින් ජපානයට බලපෑම්




ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයට බලපෑම් එල්ල වී තිබෙනවා.

“ෂාන්ෂාන්” ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව එරට දකුණු දිග ප්‍රදේශයෙන් රටට ඇතුළු වී තිබුණා.

ඒ හේතුවෙන් මේ වන විටත් පැයට කිලෝමීටර් 252ක ප්‍රබල සුළං හටගෙන ඇති අතර සුළි කුණාටු, නායයෑම්, ගංවතුර සම්බන්ධයෙන්ද දැනටමත් අනතුරු අඟවා අවසන්.

වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මිලියන 12යි දශම 5ක ජනතාවක් වෙසෙන කියුෂු ප්‍රදේශයටයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 600ක ප්‍රබල වර්ෂාපතනයක් ද පුරෝකථනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ප්‍රධාන දිවයින වන හොන්ෂු හි මධ්‍යම ෂිසුඕකා ප්‍රාන්තයේ පුද්ගලයින් අට ලක්ෂ 10,000කට ඉවත් කිරීමට දැනටමත් උපදෙස් දී අවසන්. 

සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවාස රැසකට විදුලිය විසන්ධි වී ඇති අතර දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ආපදා රැසක්ද වාර්තා වනවා.

දකුණු ජපානයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙනවා. ඇතැම් අධිවේගී දුම්රිය සේවා ද අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සති අන්තයේදී සුළි කුණාටුව ටෝකියෝ අගනුවර ඇතුළු ජපානයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.