Saturday, December 28, 2024

General line - 0115112241

රුසියානු දේශ සීමාවේ ගොඩනැගිල්ලකට ප්‍රහාරයක්




රුසියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් 12කින් යුත් ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

තවත් පුද්ගලයින් 59 දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය එල්ල වීමත් සමග ගොඩනැගිල්ලේ ඉහළ කොටසෙන් ගිනිදැල් සහ ඝන කළු දුමාරයක් පිටව තිබෙනවා.

බාධක මැද ගිනි නිවන භටයින් විසින් එම ගොඩනැගිල්ලේ සිරවී සිටි ජනතාව ඉනි පිටතට ගෙන ඇති බවයි වාර්තා වුණේ. 

මේ අතර ඊසාන දිග යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට රුසියානු බෝම්බ ප්‍රහාරයක්  එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉන් 14 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.  

එවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ සලසන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මොස්කව් හමුදාව පසුගිය සතිය තුළ යුක්‍රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.