සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
සිය දෙවන ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස්කරගෙන සිටියා.
ජෝ රූට් නොදැවී ලකුණු 76යි. පන්දු යැවීමේදී මිලාන් රත්නායක සහ ප්රභාත් ජයසූරිය කඩුලු 02 බැගින් දවා ගත්තා.
අසිත ප්රනාන්දු සහ ලහිරු කුමාර ද එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.
එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වනවිට ලකුණු 435ක් ඉදිරියෙන් පසුවනවා.