හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සර්ව ජන බලයේ අද සාමාජිකත්වය ලබා ගත්තා.
සිය පාක්ෂිකයන් ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කර තමන් සර්වජන බලය සමඟ එක්වූ බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය ධූර කිහිපයක් දැරූ ඔහු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළා.
කෙසේවෙතත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මහ මැතිවරණයෙන් පරාජයට පත් වුණා.