Saturday, December 28, 2024

General line - 0115112241

"ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට දැන් කාලයයි" ජෝ බයිඩන්, ඊශ්‍රායල අගමැති දැඩි තිරණයක




හමාස් සංවිධානය විසින්  රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර තිබෙන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා 

ඒ හමාස් සංවිධානය විසින් ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් 06 දෙනකුගේ සිරුරු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගැනීමෙන් අනතුරුවයි 

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් හා 27 හැවිරිදි ඇල්මොග් සරුසි නැමැති ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඔවුන්ගේ ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන තුරු ඊශ්‍රායලය විවේක නොගන්නා බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ වහල්භාවයේ සිටින පුද්ගලයින් නිදහස් කර රටේ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට තම රජය කැපවී සිටින බවයි.

ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරය එල්ල වූ දිනයේ මේ පිරිස නෝවා පැවති සංගීත ප්‍රසංගයේදී පැහැර තිබූනා 

ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රාණ ඇපකරුවන් සිටි ස්ථානයට ළඟා වීමට දවසකට හෝ දෙකකට පෙර හමාස් සංවිධානය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් සහාසික ලෙස ඝාතනය කරන්නට ඇති බවයි සැක කරන්නේ.

ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියේ හර්ෂ් ගෝල්ඩ්බර්ග් ඊශ්‍රායල ඇමෙරිකානු ජාතිකයකු බවත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට දැන් කාලය එළැඹ ඇති බවත්  හමාස් නායකයින් මෙම අපරාධවලට වන්දි ගෙවනු ඇති බවයි 

තවද ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගනුදෙනුවක් සඳහා අපි පැය 24 පුරාම වැඩ කරන බවද ඔහු පවසා සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එක්සත් ජනපද උප ජනාධිපති සහ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ද ප්‍රකාශයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කළ අතර,හමාස් යනු දුෂ්ට ත්‍රස්තවාදී සංවිධානයක් බවත් මෙම මිනීමැරුම් සමඟ හමාස්ගේ අත්වල ඊටත් වඩා ඇමරිකානු ලේ තැවරී ඇති බවයි