Saturday, December 28, 2024

General line - 0115112241

ඊශ්‍රායල සහ පලස්තීන සටන් විරාමය ඇරඹේ 




ඊශ්‍රායලය විසින් ගසා තිරය සඳහා දින තුනක සටන් විරාමය ආරම්භ් වී තිබෙනවා.

ඒ ගාසා  තිරයේ පෝලියෝ  රෝගයට ගොදුරු වූ ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහන සඳහායි.

ඒ අනුව දින තුනක සටන් විරාමය එරට වේලාවෙන් උදේ 6 සිට පස්වරු 3 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම  එන්නත් කිරීම සැලසුම්කල දිනයට පෙර ගාසා තීරයේ ළමුන් කිහිප දෙනෙකුට පෝලියෝ එන්නත් ලබා දී ඇති බවයි එරට රජය පැවසුවේ.

ඒ අනුව එන්නත්  නිල වශයෙන්  නිකුත් කිරීම අද ආරම්භ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

තෙවනදින එන්නත් කිරීමේ ව්‍යාපාරය පලස්තීන ළමුන් 640,000ක් පමණ ඉලක්ක කර ගනිමින් සිදු  කිරීමට නියමිතයි.

ඒ අනුව යුනිසෙෆ් සංවිධානය විසින් එන්නත් මාත්‍රාව මිලියන 1.3 ක් ගසා වෙත ලබා දී ඇති අතර  තවත් මාත්‍රා 400, 000 ක නැව් මඟින් ගසා වෙත පැමිණෙන බවට සඳහන් කෙසේ වෙතත් පෝලියෝ රෝගය ව්‍යාප්ත වීම වලක්වා ගත නොහැකි වුවහොත් තවත් ගසාවේ ළමුන් පෝලියෝ රෝගයට ගොදුරු වීමට හැකියාව ඇති බවයි  ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසන්නේ