Friday, November 15, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයින්ගේ විවාදයේ අවසන් දිනය අදයි




ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ තෙවන සහ අවසන් අදියර අද පැවැත්වෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පස්වරු 03.00 සිට පස්වරු 05.00 දක්වා එය පැවැත්වෙන බවයි මාර්තු 12 ව්‍යාපාරය පැවසුවේ.

ඊට ජනපති අපේක්ෂකයින් 06 දෙනෙකු සිය පැමිණීම මේ වනවිටත් තහවුරු කර ඇති බව මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.


මෙම විවාදයේ පළමු අදියර පසුගිය 07 වනදා ආරම්භ වුණා.

එදින ජනපති ධූර අපේක්ෂකයින් සිව්දෙනෙකුට ආරාධනා කර තිබුණ ද ඉන් තිදෙනෙකුම සහභාගී වූයේ නැහැ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ජනපති ධූර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍රන් මහතා එලෙස විවාදයට එක් නොවූ අය වනවා.

මීට පෙර ඔවුන් විවාදයට එක්වන බවට තහවුරු කර තිබියදී එලෙස විවාදයට එක් නොවූ බවයි මාර්තු 12 ව්‍යාපාරය පැවසුවේ.

ඒ අනුව සර්ව ජන ජනපති ධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා එක්කර ගනිමින් එදින එම විවාදය පැවැත් වුණා.