ආර්ථිකයේ උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මාස 06කට වරක් වැඩ කරන ජනතාවගේ වැටුප ඉහළ දමන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ පැවති අන්අතර් සමාගම් සේවක සංගමයේ 25වන සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනය ශක්තිමත් කිරීමට තමන්ට හැකි වූ බව ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
සිය රජයක් යටතේ ගොවීන්ට සහන ලබාදෙන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
නූතන පරම්පරාව අපේක්ෂා කරන ආර්ථික ප්‍රතිපත්ති තුළින් රට ගොඩනැගිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.