Friday, December 27, 2024

General line - 0115112241

යුක්රේන හමුදාව අර්බුදයක 




යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බහුතරය යුද්ධයට යාම ප්‍රතික්ෂේප කර තිබෙන බව යුක්රේන හමුදාවේ සිටින අණදෙන නිලධාරීන් 06 දෙනකු සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ  යුක්රේන සොල්දාදුවන් රැසක් රුසියානු හමුදාව අතින් ඝාතනයට ලක්වීමත් ඉතිරි සොල්දාදුවන්ගෙන් වැඩි පිරිසක් යුක්රේන හමුදාව හැර යාමත් මිට හේතුව බවයි.

අලුතින් හමුදා සේවයට බැඳෙන යුක්රේන සොල්දාදුවන් රුසියාවේ යුද ශක්තිය දුටු වහාම අධෛර්යමත් වී සේවය හැරදමා යාමට උත්සාහ කරන බවත් යුක්රේන හමුදාව ලබාදෙන නියෝගවලට සොල්දාදුවන් අවනත නොවීම බරපතළ ගැටලුවක් බවද ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ වසරේ පළමු මාස 4ට පමණක් 19,000ක පිරිසක් යුක්රේන හමුදාව හැර ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ