Friday, November 15, 2024

General line - 0115112241

ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා වසා දමයි




ඊශ්‍රායලය ජෝර්දානය සමඟ ඇති සියලුම දේශසීමා වසා දමා තිබෙනවා 

ඒ ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියයාම හේතුවෙන් 

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ප්‍රහාරකයා ඉරිදා උදෑසන ට්‍රක් රථයකින් ජෝර්දානයේ යාබද අල්-කරමේ නගරයේ සිට හරස් මාර්ගයට පැමිණ දේශසීමා ආරක්ෂකයින්ට වෙඩි තබා තිබෙන බවයි.

එලෙස මියගොස් ඇත්තේ ඊශ්‍රායල සිවිල් ජාතිකයින් තිදෙනෙකු වන අතර ආරක්ෂක අංශවල වෙඩි පහරින් වෙඩික්කරු ද මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

 ජෝර්දාන දේශසීමාවේ සිදු වූ පළමු ප්‍රහාරය මෙය වන බවත්  ජෝර්දානය දෙසින් වසා දමා විමර්ශනයක් ආරම්භ කළ බව ජෝර්දානය පවසන්නේ.

ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා ප්‍රදේශයෙන් භාණ්ඩ සමඟින් ට්‍රක් රථ විශාල ප්‍රමාණයක්  දිනපතා ජෝර්දානයේ සිට පැමිණෙන අතර මේ හේතුවෙන් ඒ සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.