Friday, December 27, 2024

General line - 0115112241

විශ්‍රාම යන වයස වැඩි කිරීමට චීනය සැලසුම් කරයි




චීන රජය සිකුරාදා රටේ සේවකයින්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කරමින් නීති සම්පාදනය කර තිබේ.

චීන පරිපාලනය විසින් සකස් කරන ලද සම්පූර්ණ සැලැස්ම 2025 ජනවාරි සිට ආරම්භ වන වසර 15 ක කාලය තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව CNN වාර්තා කරයි.

චීන ආර්ථිකය මේවනවිට සැලකිය යුතු ලෙස, පසුබෑමකට ලක්ව ඇති අතර එරට ශ්‍රම බලකාය හැකිලීමේ දැඩි අර්බුදයක් මතුව ඇත.

චීන රජය එරට මහලු පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණ දී සිටී.

රජයේ මෙම නව පියවරට සමාජ මාධ්‍ය තුළ එහි පුරවැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇතැයි පැවසේ.

චීන ම් පුරවැසියන් පවසන්නේ එය රටේ තරුණ තරුණියන්ගේ විරැකියා මට්ටම් ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඔවුන්ගේ විශ්‍රාම වැටුපට ප්‍රවේශ වීම වැළැක්වීමේ උපක්‍රමයක් බවයි.

නවතම නීතිරීතිවලට අනුව, විශ්‍රාම යන වයස ක්‍රමයෙන් පිරිමි සේවකයන් සඳහා අවුරුදු 63 දක්වාත්, කාන්තාවන් සඳහා ඔවුන්ගේ රැකියාව අනුව අවුරුදු 55 සිට 58 දක්වාත් දීර්ඝ කරනු ලැබේ.

මීට පෙර, නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දී විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවසර දී ඇති අතර කාන්තාවන්ට ඔවුන්ගේ රැකියාව අනුව වයස අවුරුදු 50 හෝ 55 දී විශ්‍රාම වැටුප් ලබා ගත හැකිය.

2030 වන විට රටේ සේවකයින්ට මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා අවම සේවා කාලය වසර 15 සිට 20 දක්වා දීර්ඝ කිරීමට රජයේ ඉහළම නීති සම්පාදකයින් ද සැලසුම් කර ඇති බව ද සඳහන්.