Friday, December 27, 2024

General line - 0115112241

ගංවතුර නිසා මියන්මාරයේ දෙලක්ෂ 30,000ක් අසරණ වෙයි




‘යාගී’ සුළි කුණාටුවෙන් පසු මියන්මාරයට දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව එරට පුද්ගලයින් දෙලක්ෂ 30,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් වැඩි පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වීමටද සිදුව තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මියන්මාරයේ අගනුවර වන නෙයිපිඩාව් ප්‍රදේශයටයි.

ගංවතුරෙන් පුද්ගලයින් 30දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට හමුදාව පවසන්නේ.

ගංවතුරෙන් වන බලපෑම අවම කිරීම සඳහා මියන්මාර රජය විසින් විදේශ ආධාරද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන යාගී සුළි කුණාටුවෙන් වියට්නාමය චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනයට බලපෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.