Thursday, December 26, 2024

General line - 0115112241

චීනයට ආ තායිවාන සංචාරකයෙකු අතුරුදන්




චීනයේ ෂැංහයි නුවර වෙත පැමිණි තායිවාන සංචාරකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

එලෙස අතුරුදන් වී ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා චීනයට ඇතුළු වූ බවයි තායිවානය නිල වශයෙන් තහවුරු කර ඇත්තේ.

 Kuo Yu-hsuan නමැති එම තරුණයාගේ ඥාතීන් පවසා ඇත්තේ 2024 අගෝස්තු 27 වන දින ඔහු ආරක්ෂිතව චීන නගරයට පැමිණි බවයි.

එහිදී ඔහු තමන් සමග සන්නිවේදනය කළ බව ද අතුරුදන් වූ තරුණයාගේ ඥාතීන් පවසා තිබෙනවා . 

කෙසේ වෙතත්, එතැන් සිට මේ දක්වා එම තරුණයා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා නොවන බවයි පැවසෙන්නේ.

ඔහු වෙත ළඟා වීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වීමත් සමඟ, Kuo ගේ පවුලේ අය අතුරුදහන් වූ පුද්ගල නිවේදන අන්තර්ජාලයට යොමු කළ අතර ඔහු අතුරුදන් වූ බව නිල වශයෙන් බලධාරීන්ට වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ සොහොයුරිය මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේ, ඔහු වංචනික පිරිසක් විසින් චීනයේදී ශ්‍රමයට බලහත්කාරයෙන් බඳවා ගැනීමට හෝ පැහැරගෙන යාමට ඉඩ ඇති බවට බිය පළකරමින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.