Thursday, December 26, 2024

General line - 0115112241

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර දින 21ක සටන් විරාමයකට සඳහා යෝජනාවක්




ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර දින 21ක සටන් විරාමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හදිසි රැස්වීමක් කැඳවූ අවස්ථාවේදීයි.

ඇමරිකාව, ප්‍රංශය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් එම රැස්වීමට සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් සටන් විරාමය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙතෙක් එකඟතාවය පල කර නැහැ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 620 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාර හේතුවෙන් එරට පුද්ගලයන් ලක්ෂ 05ක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එසේම හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් නැවතත් ගොඩබිම් ප්‍රහාරයකට සූදානමක් පවතින බවයි ඊශ්‍රායලය විසින්  දැනුම් දී ඇත්තේ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද පවසා තිබෙනවා.