ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක වනවා දැයි දැඩි අවධානයෙන් සිටින බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ආණ්ඩුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.
කෙසේවෙතත් මහ මැතිවරණය අවසන් වන තෙක් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සුභසාධන සහ සංවර්ධන කටයුතුවලින් වැළකී සිටින ලෙසයි පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.