Thursday, November 7, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ නෙත් පොත් කැටයට නන් දෙසින් පැමිණි ජනතාවගෙන් පැසසුම්




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වන දිනය අදයි.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පැවැත්වෙනවා.

ප්‍රදර්ශනය නැරඹීමට පසුගිය දින තුන තුළ ලක්ෂ 5කට අධික පාඨකයින් පිරිසක් පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා පැවසුවේ. 


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන පරිශ්‍රයේ නෙත් එෆ් එම් කුටියක් ද ස්ථාපිතයි. පසුගිය වසරවල මෙන් මෙවර ද එහි පොත් කැටය ස්ථාපිත කර තිබෙනවා.

ඒ, දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහායි.

ඒ සඳහා නෙත් ශ්‍රාවකයන් රැසක් ඊයේ දිනයේද පොත් පරිත්‍යාග කළා. ඒ අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි.


ඒ අනුව ඔබට ද දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා එලෙස පොත් පරිත්‍යාග කළ හැකියි.