ඉදිරි මහ මැතිවරණය සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්ව තරග වැදීම රටට යහපත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.
කේසේවෙතත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වනවා.
ඒ, සමගි ජන බලවේගය පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි දෙකක් හේතුවෙන්.
ඉන් එක් කොන්දේසියක් වන්නේ සමගි ජන බලවේගයේ ලංඡනය යටතේ ගොඩ නැගෙන නව සන්ධානය තරග කළ යුතු බවයි.
එමෙන්ම එම සන්ධානයට හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්කර නොගත යුතු බවට සමගි ජන බලවේගයේ අනෙක් කොන්දේසි වන බවයි වාර්තා වුණේ.