Thursday, November 7, 2024

General line - 0115112241

අණ නොතකා පළාගිය ලොරි රථයකට පොලිසියෙන් වෙඩි - තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට




පානදුර, පල්ලිමුල්ල, තොටුපළ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අණ නොතකා ධාවනය කළ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට එලෙස වෙඩි තැබූ බවයි.

එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයින් 05 දෙනෙකු සිට තිබෙනවා.

පොලිසිය කළ වෙඩි තැබීම් හමුවේ එක් පුද්ගලයෙකුගේ අතකට වෙඩි වැදී ඇති අතර වෙඩි වැදුණු තවත් පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා.

කෙසේවෙතත් ලොරි රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පලා ගිය වෙඩි වැදුණු පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් කළුතර සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දීර්ඝ කාලයක සිට විවධ ප්‍රදේශවලින් ගවයන් සොරකම් කර ඇති බවයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව පූගොඩ ප්‍රදේශයේ ගව සොරකමකට අදාළව පොලිස විසින් සැකකරුවන් ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ ලොරි රථයේ ගවයන් 04 දෙනෙකු සිටි බවයි පොලිසිය පැවසුවේ.

දීර්ඝ කාලයක සිට ගව සොරකමේ නිරත වූ මෙම සැකකරුවන් ලොරි රථයේ වර්ණ අවස්ථා ගණනාවකදී වෙනස් කර ඇති බව මේ වනවිට සිදුකර විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ලොරි රථය අදාළ සොරකම් සඳහා සැකකරුවන් විසින් යොදාගෙන ඇත්තේ එහි ලිපි ලේඛනද ව්‍යාජ ලෙස සකස් කර බවයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

 

--