ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මාරවිල ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මාරවිල පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 08.00ට පමණ එම බස් රථයට ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
එලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් බස් රථයක්.
එම බස් රථය මීගමුවේ සිට කුලියාපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
ගල් ප්‍රහාරයෙන් එහි සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
එහෙත් බස් රථයේ ඉදිරිපසට ගල් ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා.
කවුරුන් විසින් කුමන හේතුවක් නිසා බස් රථයට එලෙස ගල් ප්‍රහාරයක් එල්ල කළේ දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.