කටාන, කටියන ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ එකලස් කළ බවට සැක කෙරෙන ‘වී එයිට්’ වර්ගයේ මෝටර් රථයක් සොයාගත් බව කටාන පොලීසිය පවසනවා.
අදාළ මෝටර් රථ සොයාගත් නිවසේ හිමිකරුවන් පොලීසියට පවසා ඇත්තේ අදාළ මෝටර් රථය විදෙස් රටකින් ගෙනුවූ බවයි.
කෙසේවෙතත් අදාළ මෝටර් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරමින් පවතින බවයි කටාන පොලීසිය පැවසුවේ.
අදාළ මෝටර් රථය එකලස් කළ මෝටර් රථයක්ද යන්න රස පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි පොලීසිය කියා සිටියේ.
සොයාගත් මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බවටද තොරතුරු වාර්තා වනවා.
මේ අතර නීති විරෝධී ලෙස විදෙස් රටකින් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ඔහු පසුගිය 31වනදා අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.