මැතිවරණ දිනය වෙනස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානය..පූජ්‍ය බලන්ගොඩ කශ්‍යප හිමියන් පවසා සිටියේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත නොවැම්බර් 14 වැනිදා තීරණය කර තිබීම හේතුවෙන් පසු දිනට වැටෙන පොහොය දිනය කඨින චීවර පූජාවේ අවසන් පොහොය දිනය බවයි.
මෙම පොහොය ආගමික වශයෙන් වැදගත් දිනයක් වන බැවින් මැතිවරණය වෙනත් දිනයක යොදාගන්නයි ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කල බවයි .පූජ්‍ය බලන්ගොඩ කශ්‍යප හිමියන් පවසා සිටියේ
එමෙන්ම මැතිවරණ දිනට කලින් යෙදෙන ඉල්මහ විරු සමරුව පවතින රජයට දේශපාලන වාසියක් පත් කරදීමේ හැකියාවක් ඇති බවත් මෙහිදී පෙන්වා දුන්නා.