මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තවත් ඇත්තේ දින 05ක කාලයක් පමණයි.
නිහඬ කාලය ඇරඹීමෙන් පසු කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.
එම කාලය තුළ මැතිවරණ අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමට, ගෙයින් ගෙට යාමට හැකියාවක් නොමැති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ඔහු සඳහන් කළේ.