Thursday, November 7, 2024

General line - 0115112241

මධ්‍යවේදියෙකුට එරෙහි විමර්ශනයක් අත්හිටුවන්නැයි නියෝග




මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක්   පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගයක් අත්හිටුවීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට ප්‍රහසන ශිල්පිණියක වූ නටාෂා එදිරිසූරිය නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට  ගැනීම  පිළිබඳව එම මාධ්‍යවේදියා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දක්වා තිබුණා.

එහිදී ඔහු අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සිංහලේ සංවිධානය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.